FAST NEWS

24×7 Around the Globe

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සබරගමුව, බස්නාහිර හා වයඹ යන පළාත්වලත් නුවර, නුවරඑළිය, ගාල්ල හ මාතර යන දිස්ත්‍රික්වලටත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව පළාතත් මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්වලත් විශේෂයෙන් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි.

සෙසු ප්‍රදේශවලින් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ වාර්තාව නිවේදනය කරන්නේ.