FAST NEWS

24×7 Around the Globe

ඔන්ලයින් හරහා විභාග සහතික භාගත කිරීමේ වැඩපිළිවෙළක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතික භාගත(Download) කිරීමේ වැඩපිළිවෙළක් සකසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, කුමන හෝ ආයතනයක‌ට මෙම සහතිකය ලබා දීමෙන් අනතුරුව එහි ඇති විමර්ශන අංකය යටතේ එය නැවත සනාථ කර ගැනීමට හැකි ය.

මේ අතර තැපෑලෙන් එම සහතිකය නිවසටම ගෙන්වා ගත හැකියාව ද පවතී.