FAST NEWS

24×7 Around the Globe

රු.2000 නොලැබුණු පවුල්වලට අභියාචනා කළ හැකියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුකොට ගෙන ආදායම් අහිමි වූ පවුල් වෙනුවෙන් රජය ලබාදීමට සැලසුම් කළ රුපියල් දෙදහසක දීමනාව මෙතෙක් නොලැබුණු පවුල්වලට අභියාචනා ඉදිරිපත් කර එම මුදල් ලබාගැනීමට හැකියාව ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බළකාය පවසයි.

තමන් පදිංචි ප්‍රදේශයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත එම අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි බව ද එම කාර්ය සාධක බළකාය පෙන්වා දෙයි.

මේ වන විට ආදායම් අහිමි එවැනි පවුල් ලක්ෂ 24ක් වෙත එම රුපියල් දෙදහසක දීමනාව ලබාදී ඇති බව ද එම කාර්ය සාධක බළකාය වැඩිදුරටත් පවසයි.