FAST NEWS

24×7 Around the Globe

යළිත් රට වහනවා ද නැද් ද? – තීරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටපුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන සඳුදායින් පසු තවදුරටත් දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙනවා.

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන සඳුදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිත යි.

කෙසේ වෙතත්, කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමෙන් අනතුරු ව රටපුරා කොරෝනා ව්‍යාප්තියේ තත්ත්වය සමාලෝචනය කර නිරෝධායන ඇදිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනෙනු ඇති බව යි වාර්තා වෙන්නේ.

රට පුරා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකින් දීර්ඝ කරන ලෙස වෛද්‍ය විශේෂඳයන් දැනටමත් රජයෙන් ඉල්ලීම් කර තිබුණා.