FAST NEWS

24×7 Around the Globe

කුර්දි හමුදා අයි.එස් සටන්කාමීන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගය අවහිර කරයි.

ඉරාකයේ අයි.එස් සටන්කාමීන්ට සිරියාව සමඟ ඇති ප්‍රධාන සැපයුම් මාර්ගය අවහිර කිරීමට කුර්දි හමුදා සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාකයේ සින්ජාර් නගරය මුදා ගැනීම සඳහා අයිඑස් සටන්කාමීන්ට එරෙහිව කුර්දි හමුදා ආරම්භ කළ මෙහෙයුමේදීයි මෙම සැපයුම් මාර්ගය අවහිර කිරීමට හැකියාව ලැබී ඇත.

කුර්දි හමුදාවේ මෙම මෙහෙයුමට ඇමරිකා ගුවන් යානා ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිය සහාය ලබා දී තිබේ .

මෙම මාර්ගය අවහිර කිරීම තුළින් උතුරු ඉරාකය හා සිරියාව අතර සිදුවන සැපයුම් සහ සටන්කරුවන් හුවමාරු කරගැනීම් වැළකෙන බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

සින්ජාර් නගරය සිරියා දේශසීමාවේ පිහිටා ඇති අයිඑස් සටන්කාමීන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගය ලෙසයි සැළකේ.