FAST NEWS

24×7 Around the Globe

පුද්ගලයන් 718ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 718ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් සමග වාහන 13ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 61006ක්.

මේ අතර ඊයේ දිනය තුල බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථානවල පිහිටි මාර්ග බාධක 13කදී පුද්ගලයන් 2082ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී පරීක්ෂාවට ලක්වූ වාහන සංඛ්‍යාව 1258ක්.