FAST NEWS

24×7 Around the Globe

මෙවරත් විසඳුමක් නැතිනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිය වැටුප් ගැටලුව විසඳීමට ‍ඊයේ (23) රැස්වූ කැබිනට් මණ්ඩලයෙන් නිසි පියවරගෙන නොමැති නම් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමර්ගයකට යොමුවීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ සිය ගැටලු විසඳීම ආණ්ඩුව මගහරිමින් සිටින බවය.

සමාජ මාධ්‍ය ඔස්සේ ගුරුවරුන්ට විවිධ චෝදනා එල්ල කිරීමට ද ඇතැම් පුද්ගලයින් උත්සාහ දරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.