FAST NEWS

24×7 Around the Globe

එන්නත්කරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බලහත්කාරයෙන් එන්නත් කිරීම හා පොදු ස්ථාන වලට යාම වලක්වන නීතියට එරෙහිව අද දින ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව සිංහල රාවය පක්ෂය පවසනවා.

තමන්ට අභිමත පරිදි, අභිමත ක්‍රමයක් කෝවිඩ් වෛරසයෙන් බේරී සිටීම සඳහා අනුගමනය කිරීමට අයිතියක් ඇති සේම ඒ සඳහා එන්නත්කරණයෙන් වැළකී සිටීම හෝ එය පිළිගැනීම යන කාරණා සඳහාද මහජනතාවට පෞද්ගලිකව තීරණ ගැනීමට ඇති අයිතිය රජය පිලිගත යුතු බවයි සිංහල රාවය අවධාරණය කරන්නේ.

කිසිදු රෝගයක් නොමැති අයෙකුට හෝ කිසිදු බෙහෙතක් නොබොන අයෙකුට බලහත්කාරයෙන් හෝ නීති යොදවා බිය ඇති කර එන්නත්කරණය සිදුකල නොහැකි බවත්, එය සමාජයේ පිළිගැනීමකට ලක්කීරිමෙන් කලයුතු බවත් හා ඕනෑම අයෙකුට එය පිළිගැනීමෙන් අනුගමනය කිරීම හෝ නොපිළිගනිමින් තමන්ට අභිමත වෛද්‍ය ක්‍රමයක් භාවිත කිරීමටද ඇති අයිතිය රජය පිළිගත යුතු බව සිංහල රාවය පක්ෂය වැඩිදුරටත් පෙන්වා දෙනවා.