FAST NEWS

24×7 Around the Globe

ගතවූ පැය 24ක කාලය තුළ 639ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 639ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 57,435ක්.

මේ අතර බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවල දී ඊයේ දිනය තුළ වාහන 1,369ක් සහ පුද්ගලයන් 2,284ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.