FAST NEWS

24×7 Around the Globe

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අලුයම 05.09ට මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන’විත් තිබෙනවා.

එමෙන්ම, තවත් මාත්‍රා මිලියන 2ක් මේ මස අග දී දිවයිනට ලැබීමට නියමිත බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

අද ලැබුණු සයිනොෆාම් මාත්‍රා තොගයත් සමඟ ශ්‍රී ලංකාවට හිමි වී ඇති මුළු සයිනොෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 15.7 දක්වා ඉහළ යනු ඇති.