FAST NEWS

24×7 Around the Globe

ඔක්සිජන් රැගත් ශක්ති නෞකාවත් කොළඹ වරායට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව අද (23) උදෑසන කොළඹ වරායට සේන්දුවී තිබේ.

නාවික හමුදාව පැවසුවේ එම නෞකාවේ සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙනවිත් ඇති බවය.

මේ අතර සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දියාවට අයත් ශක්ති නෞකාව ද ඊයේ (22) කොළඹ වරාය වෙත සේන්දු වී තිබුණි.