FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 452ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් 452ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 56294ක්.

මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුල පොලිසිය වාහන 639ක් සහ පුද්ගලයන් 1128ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.