FAST NEWS

24×7 Around the Globe

ජනතාව ප්‍රදේශ රැසක් ස්වයං හුදෙකලා කර ගනිති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පවතින කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව ඔවුන් විසින් ම එම ප්‍රදේශ හුදෙකලා කර ගනු ලැබ තිබේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, බෙලිඅත්ත, කෑගල්ල, කඹුරුපිටිය, අලව්ව යන ප්‍රදේශවල ජනතාව කඩ සාප්පු වසා දමමින් කොවිඩ්-19 වසංගතයට එරෙහිව ගෙන යන නිරෝධායන වැඩපිළිවෙළට සහයෝගය දක්වන බවය.

එමෙන් ම බදුල්ල, අම්පාර, ඇඹිලිපිටිය යන ප්‍රදේශවල ද කඩසාප්පු වසා දමා ඇතැයි අප වාර්තාකරුවෝ පැවසූහ.

කෑගල්ල ප්‍රදේශයේ කඩ සාප්පු හෙට (අගෝස්තු 18) සිට අගෝස්තු 31 අඟහරුවදා දක්වා දින 14 ක් වසා දැමීමට තීරණය කර ඇති බව කෑගලු සිංහල වෙළෙඳ සංගමයේ සභාපතිවරයා අද (අගෝස්තු 17) ප්‍රකාශ කළේය.

දැරණියගල ප්‍රදේශයේ ද සියලු කඩ සාප්පු හෙට (අගෝස්තු 18) සිට 24 දක්වා සතියක කාලයක් වසා දැමීමට දැරණියගල එක්සත් වෙළඳ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එමෙන් ම කැකිරාව නගරය ද පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන දින 12ක් කඩ සාප්පු වසා දමමින් සෞඛ්‍ය අංශ වෙත සහයෝහය දැක්වීමට තීරණය කර ඇත.