FAST NEWS

24×7 Around the Globe

ධීවර ජනතාවට සහන සළසන ලෙසට අග්‍රාමාත්‍ය උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ධීවර ගම්මානවල වෙසෙන ජනතාවට සහන සළසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවාස විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධට උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම, එම ජනතාවට තවදුරටත් සහන සැළසීම සඳහා අයවැයට ඉදිරිපත් කිරීමට යෝජනාවලියක් සකස් කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.