FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වෙනම නීති රටේ ස්වෛරීභාවය තර්ජනයක් ​[වීඩියෝ]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෑතකදී සම්මත වූ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට තර්ජනයක් හා බලපෑමක් ඇති කරන බව දේශපාලන විශ්ලේෂකයින් පවසයි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නඟා සිටුවීමට සහ වැඩිදියුණු කිරීමට වරාය නගරයට හැකියාව තිබියදීත්, විවිධ හා සියුම් ආකාරයෙන්, කොළඹ වරාය පාලනය කිරීමට වෙනම නීති රාමුවක් තුළින් නොයෙකුත් බලවේගයන් වේ දරමින් සිටින බවට ද ඔවුන් අවධාරණය කරයි.

තෝරාගත් කිහිප දෙනෙකුට බදු සහන සහ ආර්ථික ප්‍රතිලාභ ලබා නොදී, ශ්‍රී ලංකාවේ ජනතාවට සෙත සැලසෙන පරිදි ආර්ථික කලාප ඇති කිරීමේ අවශ්‍යතාවය ද ඔවුහු පෙන්වා දුන්හ.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය