FAST NEWS

24×7 Around the Globe

පළාත් අතර දැඩි රැකවල්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළාත් අතර සංචරණ සීමා පණවා ඇති හෙයින් සංචාරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බස්නාහිරින් පිටවන සහ ඇතුලුවන ස්ථාන සියල්ල ආවරණය වන පරිදි මාර්ග බාධක යොදා පරීක්ෂාවට ලක්කරන බවත් එයට අමතරව , අතුරු මාර්ග පාලම් , සියල්ලම ආවරණය වන පරිදි භට කණ්ඩායම් රාජකාරිය යොදවා ඇතැයි හෙතෙම කීය.

පළාත් අතර සංචරණ සීමා කිරීමට අවසර ඇත්තේ අත්‍යවශ්‍ය රාජකාරියේ නිරත පිරිසට පමණක් බවත් ,ඒ හැර කිසිදු පුද්ගලයකුට පළාත් අතර සංචරණය කිරීම සපුරා තහනම් බව ද අජිත් රෝහණ මහතා.

නිරෝධායන නීතියට අනුගතව කටයුතු කරන ලෙසට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි .