FAST NEWS

24×7 Around the Globe

රට වහන්නේ නෑ. ජනපති යළි ප්‍රකාශ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දහවල් පැවැති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී යළිත් වරක් ප්‍රකාශ කර ඇත.

රට වසා දැමීම වෙනුවට එන්නත්කරණ වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙසත් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමට ජනතාව පොළඹවන ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට එහිදී උපදෙස් දි ඇත.