ඇවන්ගාඩ් නෞකාව නාවික නීතියට අනුව කටයුතු කර නැතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.
නාවික හමුදාපතිවරයා ලබාදුන් වාර්තාවෙන් ඒ පිලිබද තොරතුරු රැසක් හෙළිව ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේය.
නෞකාවේ තිබූ ආයුධවලට අනුක්‍රමික අංක සදහන් බලපත්‍ර පවා නොතිබූ බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්හ.
ඇවන්ගාඩ් නෞකාවේ මෙම නිතිවිරෝධී ක්‍රියාකලාපය ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින් ද පිළිගෙන ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.







