FAST NEWS

24×7 Around the Globe

ගුරු ඉල්ලීම් වෙනුවෙන් අද සත්‍යග්‍රහයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පති ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක නායකයින් අද කොළඹ දී සත්‍යග්‍රහයක නිරත වනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 31 වන දිනටත් ක්‍රියාත්මක වන බව යි.

එමෙන්ම අද පැවැත්වෙන සත්‍යග්‍රහයට ලංකා බැංකු සේවක සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක ම නායකයින් සහභාගී වන බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.