FAST NEWS

24×7 Around the Globe

සීනි හිගයක් නොමැති බව අවධාරණය කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට තුළ මාස 3 කට ප්‍රමාණවත් සීනි සංචිත පවතින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීම සදහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු පෙන්වා දුන්නේ සීනි සඳහා පසුගිය බදු අඩු කිරීමත් සමග එම කාලයේදී ප්‍රමාණවත් පරිදි සීනි ආනයනය කර ඇති බවයි. පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ද කිසිදු හිගයක් නොමැත.

වෙලෙදපොළේ භාණ්ඩ හිගයක් පවතින බවට අසත්‍ය ප්‍රචාර පැතිර යමින් පවතින බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.