වීදේශ ගත වන ශ්‍රි ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය කියයි.
1985 දී සැකසූ මෙම පනත පසුව විටින් විට සංශෝධනය වී ඇති අතර එය තවදුරටත් සංශෝධනය විය යුතු බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විදේශ රැකියා අමාත්‍යංශයේ ඊයේ (11) පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවාය.
මේ වන විට විශාල පිරිසක් දිනපතා රැකියා සඳහා විදේශ ගත වන අතර ඇතැම් රටවල සංක්‍රමණික ශ්‍රමිකයන් පිළිබඳ පවතින නීති රීතිවලට ගැළපෙන ලෙස කාර්යාංශය සංශෝධනය කිරීමට අවශ්‍යව ඇති බවත් විශේෂයෙන් දඩ මුදල් හා විදේශ රැකියා පුහුණු වීම් සම්බන්ධව පවතින නීති රීති සංශෝධනය කිරීමේ කාලෝචිත අවශ්‍යතාවක් ද පවතින බවත් අමාත්‍යවරිය සඳහන් කළා ය. ශ්‍රමිකයන් ගේ සෞඛ්‍ය සම්බන්ධ ප්‍රතිපත්ති ගෙන ඒම සඳහා ද නව නීති රීති ගෙන ඒමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරිය එහිදි අවධාරණය කළා ය.
එතෙර අපි සංවිධානය ඉදිරිපත් කරන ලද විගමණික ශ්‍රමිකයන්ගේ ඡන්ද අයිතිය ලබාදීමේ හා තවත් යෝජනා ඇතුළත් යෝජනා වලියක් එහිදි එම සංවිධානයේ ලේකම්‚ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා විසින් අමාත්‍යවරිය වෙත භාර දෙනු ලැබිණි.







