FAST NEWS

24×7 Around the Globe

සෝභිත හිමියන්ගේ දේහය තැන්පත් සීමාවට යෑම තහනම් කර අධිකරණයෙන් හිමී නමකට තහනමක්.

කෝට්ටේ නාග විහාරයේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය මේ වන විට තැන්පත් කර ඇති සීමාවට ඇතුළු වීම තහනම් කරමින් අධිකරණය විසින් වතුරුවිල සිරිසුජාත හිමියන්ට නියෝගයක් නිකුත් කර ඇත.

ශිෂ්‍යභාවය 2011 වසරේදී අහෝසි කල පසු එතැන් සිට වෙනත් විහාරස්ථානයක වැඩවෙසෙන සිරිසුජාත හිමියන් සෝභිත හිමියන්ගේ අපවත්වීම සමග නාග විහාරයට පැමිණ විවිධ කාරණා මාධ්‍යයට හෙළිකරන බවත් එය නීති විරෝධී කටයුත්තක් බවත් පොලිසිය විසින් අධිකරණයට දැන්වීය.

මෙම තත්වය සැලකිල්ලට ගෙන අධිකරණය විසින් අදාහන කටයුතු අවසන් වන තෙක් විත්තිකාර හිමිනමට දේහය තැන්පත් කර ඇති විහාර භූමියටත් පාර්ලිමේන්තු ක‍්‍රිඩාංගණයටත් ඇතුළු වීම තහනම් කරනු ලැබ ඇත.