FAST NEWS

24×7 Around the Globe

වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකරමින් අරගලය ඉදිරියටම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කෙරෙන කැබිනට් පත්‍රිකාවද සාධාරණ විසදුම් අඩංගු නොවු පත්‍රිකාවක් වුවහොත් හෙට දිනයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකරමින් ඉදිරියටත් අරගලය ගෙන යන බව ලංකා ගුරු සංගමය පවසනවා.

මේ සඳහා අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් මහතා කියා සිටියේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ පටු විවේචන වලට වඩා රටේ ගුරුවරුන්ගේ ගැටලු සදහා සාධාරණ විසදුම් තමන් බලාපොරොත්තු වන බවයි.