FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා මරණ 82 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා මරණ 82 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4,700 සීමාව ඉක්මවා ගියා.

එය දැක්වුණේ 4,727 ක් ලෙසයි. නව ආසාදිතයන් 2,561 දෙනෙකු ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ තුන්ලක්ෂ 18,755 ක් ලෙසයි.

නව ආසාදිතයන්ගෙන් 2,543 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 18 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

ඒ අනුව ආසාදිතයන් 29,586 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ 84,522 ක්.