FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන රීති කැඩූ 90 කට අධික පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (02) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 53,030 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.