ආපදාවට ලක්වූ උතුරු දුම්රිය මාර්ගය යලි හෙට උදෑසන සිට යථා තත්ත්වයට පත්කළ හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
මාර්ග පිළිසකර කටයුතු සදහා අනුරාධපුර හා මහව දුම්රිය ස්ථාන මගින් ආපදා රථ දෙකක් යොදවනු ලැබු බවයි වාර්තා වන්නේ.
මේ අතර අද දුම්රිය පීලි පැනීමෙන් අනතුරුව මගීන් ගල්ගමුව හා තඹුත්තේගම නගර වෙත ලගා වීමට බස් රථ යොදවනු ලැබිණි.
අනතුරින් කිසිදු මගියෙකුට හානියක් සිදුව නැහැ.
දුම්රියේ එන්ජිම ඇතුළු තවත් පෙට්ටි තුනක් එලෙස මාර්ගයෙන් ඉවතට පැන තිබෙන අතර වර්ෂාව නිසා මාර්ගය සෝදාගෙන යාම මෙම තත්ත්වය ඇති වීමට බලපා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
වව්නියා සිට මාතර බලා ගමන් කරමින් තිබූ රජරට රැජණ දුම්රිය අද (12) පෙරවරු 06.30ට පමණ තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර පීලි පැනීමට ලක් විය.







