FAST NEWS

24×7 Around the Globe

අන්තර් ජාලයට වැරදි දේ දමන අය අල්ලන්න මෙහෙයුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දරුවන් ඉලක්කකර අශිෂ්ට අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයන් අද සිට අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ළමා හා කාන්තා කාර්යාංශය එක්ව මුල් විශේෂ දත්ත පද්ධතියක් හරහා අන්තර්ජාලයට පිවිස මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඉකුත් ජුනි මස 17වැනි දින සිට ඊයේ(28) දිනයේ දක්වා සිදුකළ එවැනි විමර්ශනවලදී ළමුන් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන,ඡායාරූප අන්තර්ජාලයට එක් කළ සිද්ධීන් 17629 අනාවරණය කරගෙන ඇති බව ද හෙතෙම කියා සිටියේය.

මෙම සැකකරුවන් දැනට හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම මෙහෙයුම් හරහා සිදුකරන බවද බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම දත්ත පද්ධතිය තවදුරටත් ක්‍රියාත්මක වන අතර දරුවන් ඉලක්කකර අසභ්‍ය දර්ශන අන්තර් ජාලයට මුදා හරින පරිගණක, ටැබ් යන්ත්‍ර , ජංගම දුරකථන ද හඳුනාගැනීමේ හැකියාව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.