FAST NEWS

24×7 Around the Globe

”ඩෙල්ටා පෙනහලුවලට කරන බලපෑම් වැඩි නිසා ආසාදිතයන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව වැඩියි”

කොරෝනා වෛරස ‘ඩෙල්ටා’ ප්‍රභේදය රටේ ඕනෑ ම තැනකින් හමුවීමට ඉඩ ඇති නමුත් එය රට පුරා පැතිර ඇති බවක් එයින් අදහස් වන්නේ නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

‘ඩෙල්ටා’ ප්‍රභේදය ශරීරය තුළ ඇති කරන්නා වූ ප්‍රතික්‍රියාව අනෙකුත් ප්‍රභේදවලට සාපේක්ෂව වෙනස්වීම හේතුකොට ගෙන එය පෙනහලුවලට සහ අනෙකුත් ඉන්ද්‍රියන්වලට ඇති කරන භෞතික වෙනස්කම් හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඔක්සිජන් ලබාගැනීමේ අවශ්‍යතාව අනෙකුත් ප්‍රභේදවලට වඩා වැඩිවිය හැකි බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය.

එවැනි තත්ත්වයන් යටතේ ඔක්සිජන් අවශ්‍යතාව කෙතරම් වැඩි වුව ද මේ මොහොත වනවිට හිඟයකින් තොරව ඔක්සිජන් තිබෙන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.