FAST NEWS

24×7 Around the Globe

ඊයේ කොවිඩ් මරණ 48-ආසාදිතයින්1688යි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මෙරටින් ඊයේ (27) දින තවත් කොවිඩ් ආසාදිත මරණ 48ක් වාර්තා වී ඇත. ඒ අතරින් පිරිමි මරණ 28ක් වාර්තාවන අතර වයස අවුරුදු 60ට වැඩි මරණ 38ක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

ඊට අමතරව ඊයේ දින රජයේ ප්‍රවෘත්ත දෙපාර්තමේන්තුව වාර්තා කල අන්දමට කොවිඩ් ආසාදිතයින් 1688 දෙනෙකු ද මෙරටින් වාර්තා වී ඇති අතර ඒ අනුව එම මුළු සංඛ්‍යාව 291474 දක්වා ඉහළ ගොස් තිබේ.