FAST NEWS

24×7 Around the Globe

19 ලක්ෂයකට එන්නත් දී අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් සහ පූර්ණ එන්නත් කරණයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ (26) වනවිට ලක්ෂ 19ක්ව තිබූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ අතර පෙරේදා දිනයේදී පුද්ගලයින් 437,878 දෙනෙකුට එන්නත් ලබා දී තිබේ.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 356,628ක් එහි දෙවන මාත්‍රාව 55,722ක් ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 108ක් මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 25,420ක් ආදී වශයෙන් ඊයේ දිනයේදී ලබාදී තිබේ.