FAST NEWS

24×7 Around the Globe

ජනපති – නිදහස් පක්ෂ හමුව අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාව අද (26) පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡාව ජූලි 21 වන දින පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් පසුව එය කල් තබන ලදී.

පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එහි ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකු එම සාකච්ඡාව සඳහා එක් වීමට නියමිතව තිබුණි.