FAST NEWS

24×7 Around the Globe

අඟහරුවාදා ආපසු හැරී යන්න ගිය දුමීන්ද සිල්වා අද සිංගප්පුරු යයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයෙන් අඟහරුවාදා සිංගප්පූරුවට යෑමට ආ නමුත් ඔහුට එම ගමන් බලපත්‍රයෙන් එහි යෑමට අවසර නොලැබුණු බව ආගමන විගමන ආරංචි කියයි.

ඊකේ 348 යානයෙන් සිංගප්පූරුවට යාමට ඔහු අඟහරුවාදා පස්වරු 2ට ගුවන්තොටට පැමිණ සිටියේය.

අද (11) සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් ඔහු සිංගප්පූරුවට ගියේය.