(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගත වූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 157 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 50,184 ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් 43000 ට අධික පිරිසකට නඩු පවරා ඇති බව 7000 පිරිසකට නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.








