FAST NEWS

24×7 Around the Globe

ගිනිගත් නැවේ නඩුව කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගිනිගැනීමට ලක් වූ එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල නඩුව ලබන අගෝස්තු 6 වනදා දක්වා කල් දමා තිබෙනවා.

ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් ඉල්ලා සිටියේ නෞකාවේ ගිනිගැනීම පිළිබඳ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර අධිකරණයට ප්‍රගතිය වාර්තා කිරිම සඳහා තවදුරටත් කාලය ලබාදෙන ලෙසටයි.

ඒ අනුව, ලබන අගෝස්තු 6 වනදා දක්වා නඩුව කල් දැමූ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේ එදිනට විමර්ශන පිළිබඳ ප්‍රගතිය වාර්තා කරන ලෙසයි.