FAST NEWS

24×7 Around the Globe

ගුරුවරුන්ගේ ඔන්ලයින් වර්ජනය අදත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ගුරු වෘත්තීය සමිති අද (15) සිව් වැනි දිනටත් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතව සිටිනවා.

ඒ අනුව පෙරේදා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණේ, විරෝධතාවට සහභාගී වූ වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් අධිකරණයෙන් ඇප නියමකර තිබියදීත් නිරෝධායනය සඳහා රැගෙන යාමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.