FAST NEWS

24×7 Around the Globe

බේකරි හිමියන් මුදල් ඇමති බැසිල් හමුවන්න සූදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බේකරි කර්මාන්තයට අදාල ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහා නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට අපේක්ෂා කරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා සදහන් කළේ මෙතෙක් කල් නොවිසදුනු ගැටළු ගණනාවක් බේකරි කර්මාන්තයේ පවතින බැවින් නව මුදල් අමාත්‍යවරයා යටතේ හෝ ඒවා විසදා ගැනිමට උත්සහ කරන බවයි.