FAST NEWS

24×7 Around the Globe

අන්තර් පළාත් සීමිත බස් ගමන්වාර සංඛ්‍යාවක් හෙට සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර් පළාත් සීමිත බස් ගමන්වාර සංඛ්‍යාවක් හෙට (14) සිට ධාවනය කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ ඒ සඳහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය හිමි වූ බවයි.

ඒ් අනුව රජයේ සහ පෞද්ගලික අංශයේ පිරිස් සඳහා අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ගමන් කළ හැකි අතර මගීන් සන්තකයේ අවශ්‍ය ලිපි ලේඛන තිබිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.