FAST NEWS

24×7 Around the Globe

LTTE ප්‍රවර්ධනය කිරීමේ චෝදනා මත නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | මුලතිව්) – ත‍්‍රස්තවාදී සංවිධානයක් ප‍්‍රවර්ධනය කිරීමේ චෝදනාව මත මුල්ලියාවලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු ත‍්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එල්. ටී. ටී. ඊ. සංවිධානය (LTTE) ප්‍රතිසංවිධානයට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

සැකකරු ත්‍රිකුණාමලයේ පදිංචි 41-හැවිරිදි අයෙකි.