FAST NEWS

24×7 Around the Globe

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් සහ හෙද නිලධාරීන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ හෙද නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු-63 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් සහ වෛද්‍ය නිලධාරීන් විශ්‍රාම ගැන්වීමේ වයස 2021 පෙබරවාරි 05 සිට බල පැවැත්වෙන පරිදි වැඩි කර ඇති අතර හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීමේ වයස 2021 ජුනි 14 දින සිට බල පැවැත්වේ.