FAST NEWS

24×7 Around the Globe

ගණකාධිකරණ ඩිප්ලෝමාව උපාධියක් වීම ගැන අවිනිශ්චිතාවයක්.

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාවට උපාධි සමානතාවය ලබාදීමට කැබිනට් මණ්ඩලය යෝජනාවක් සම්මත කර ගනු ලැබුවද ඒ ගැන මේ දක්වා චක්‍රලේඛයක් හෝ ගැසට් නිවේදනයක් නිකුත් කර නැති බව අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර කියයි.

මේ වන විට කැබිනට් මණ්ඩලය එම යෝජනාව අනුමත කර දින ගණනක් ගොස් ඇති බවද හෙතෙම අද (11) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ අතර සිසුන්ට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් සොයාබැලීමට අගමැතිවරයා විසින් පත් කළ කමිටු‍ව පිළිගත නොහැකි බවද ‍ඔහු කීවේය.

පහරදීමට අදාළව ‍සිසුන්ගෙන් එම කමිටුව ප්‍රශ්න කිරීමේදී එය පැහැදිළි වූ බවත්, එම කමිටුවේ නිලධාරීන් පවසා තිබුණේ එය ආණ්ඩුවේ වරදක් නොව නිලධාරීන් කිහිප දෙනෙකුගේ ආකාර්යක්ෂමතාවය නිසා සිදුවූ පහරදීමක් ලෙස යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.