FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් අනතුරක්.

ඔස්ට්‍රේලියාවේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් පරිසරවේදීන් තිදෙනකු මිය ගොස් තිබේ. ඔවුන් මෙම අනතුරට පත්වී ඇත්තේ බිම් අඟුරු ආකරයකට විරුද්ධව පැවැති උද්ඝෝෂණ අවස්ථාවකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදීය. අනතුර සිදුවූ ප්‍රදේශයට ළඟාවීම තරමක් දුෂ්කර බව බලධරයින් පවසා තිබේ.

74 හැවිරිදි රිචර්ඩ් ග්‍රීන්, 71 හැවිරිදි වියේ පසු කැරොලින් සහ වාර්තා චිත්‍රපට නිර්මාණකරුවකු වන 72 හැවිරිදි ජෝන් ඩෙවිස් උතුරු සිඩ්නිවලට කි.මී.390ක් දුරින් පිහිටි බ්‍රීසා නම් ගම්මානයේ සිට නගරයේ පිහිටි ග්‍රීන්ගේ නිවස බලා පිටත්ව ඇත. මොවුන් නිවසට නොපැමිණීමත් සමඟ ඔවුන් සෙවීම ආරම්භ කර තිබේ.

ඕස්ට්‍රේලියා‍නු සමුද්‍රාසන්න සුරක්ෂිත අධිකාරිය පවසන්නේ මෙම අනතුර සිදුවන අවස්ථාවේ රළු කාලගුණයක් පැවැති බවයි. ගොවිපොළ ප්‍රදේශයක් ආශ්‍රිතව චීන ෂෙන්හූආ අඟුරු ආකරයකට ඕස්ට්‍රේලියානු රජයේ අනුමැතිය ලබාදීමට එරෙහිව මොවුන් සහභාගි වූ උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.