(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සහතික මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 50 ක් බැගින්ද, සම්බා වී කිලෝවක් රුපියල් 52 ක් බැගින්ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 55 ක් බැගින්ද මිලදී ගැනීමටයි නියමිතව ඇත්තේ.
මෙවර යළ කන්නයේ වී මෙටි්රක් ටොන් ලක්ෂ 15 ක පමණ අස්වැන්නක් ලැබිය හැකි බවට ඇස්තමේන්තු කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ වී තොගවලින් සැළකිය යුතු ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගැනීමටයි සැළසුම් කර ඇත්තේ.






