FAST NEWS

24×7 Around the Globe

ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කියා සිටියේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදුන් බවයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඔහු මෙලෙස මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.