ෙහම්බන්තොට, මත්තල ගුවන්තොටුපොළ මංසන්ධියේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු මිය ගියේය.
අනතුරෙන් මියගිය එක් අයෙකු පාසල් සිසුවෙකි.
අප වාර්තාකරු පැවසුවේ අදාළ පුද්ගලයින් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.
මියගොස් ඇත්තේ කුරුදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හා 16 හැවිරිදි සහෝදරයින් දෙදෙනෙකි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.







