FAST NEWS

24×7 Around the Globe

අදත් හෙද වර්ජනය අදත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද සංගම් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය දෙවන දිනටත් අද (02) ක්‍රියාත්මක වන බව එම සංගම් පවසනවා.

බලධාරින් විසින් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද දිනයේ ද වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළා.

වැඩවර්ජනය හේතුවෙන් ඊයේ (01) දිනයේ රෝගීන් දැඩි පීඩාවකට පත් වුනා.