FAST NEWS

24×7 Around the Globe

ඩෙල්ටා සොයා රටපුරා අහඹු පීසීආර් පරීක්ෂණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දැනට කොළඹ ආශ්‍රිත ව්‍යාප්තව ඇති ඩෙල්ටා ප්‍රභේදය රටේ අනෙකුත් ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති ආකාරය සොයා බැලීමට රට පුරා අහඹු පීසීආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් කිරීම ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ⁣විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ කොම්පඤ්ඤවීදියේ වැඩ බිමකින් ‘ඩෙල්ටා’ ප්‍රභේදය ආසාදිත බවට සැක සහිත පුද්ගලයන් තිදෙනකු හමුවීමත් සමග එහි සේවකයන් 328 දෙනකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට පියවරගෙන ඇති බවත් මෙම පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ (30 වැනිදා) පස්වරුව වන විටද ලැබී නොතිබුණු බවය.