FAST NEWS

24×7 Around the Globe

එක් දිනයකදී එන්නත්කරණයට ලක්වූ වැඩිම පිරිස ඊයේ වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ එක් දිනයකදී වැඩිම පුද්ගලයින් පිරිසක් කොවිඩ් මර්ධන එන්නත ලබාගත් දිනය ලෙස ඊයේ දිනය වාර්තා වී තිබෙනවා.

ඒ ඊයේ මෙරට පුද්ගලයින් එක්ලක්ෂ 73,520 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් ලබා දීමත් සමගයි.

ඒ අනූව සයිනොෆාම් පළමු මාත්‍රාව 91,759 දෙනෙකුට / එහි දෙවන මාත්‍රාව 79,236 දෙනෙකුට / කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 2523 දෙනෙකුට සහ ස්පුට්නික් එන්නත පුද්ගලයින් දෙදෙනෙකුට ලෙසයි.

මේ අනුව ශ්‍රී ලංකාව තුළදී ඊයේ දිනය දක්වා භාවිත කර ඇති මුලු කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 38 ලක්ෂ 66 දහස් 623 දක්වා ඉහළ යනු ඇති.