FAST NEWS

24×7 Around the Globe

තවත් රටවල් 6 කට ලංකාව ඇතුළු වීම තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞදි අරාබිය ඇතුළු රටවල් 06 ක සංචාරය කර ඇති මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පසුගිය දින 14 ක කාලය තුළදී සෞදි අරාබිය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඕමාන් සහ බහරේන් යන රටවල සංචාරය කර ඇති පුද්ගලයන්ට මෙම තහනම බල පැවැත්වෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළා.