FAST NEWS

24×7 Around the Globe

ගතවූ පැය 24 තුළදී පුද්ගලයන් 428 දෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන රීතින් උල්ලංඝනය කල තවත් පුද්ගලයන් 428 දෙනෙකු ගතවූ පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 44,644 ක් බවයි පොලිසිය සඳහන් කළේ.

අද දිනයේදීත් විශේෂ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.