FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ රැඳවියන් යළිත් වහලයක් මත විරෝධතාවයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වැලිකඩ බන්ධනාගාරයේ සිටින මරණ දණ්ඩනය නියමවී සිටින සිරකරුවන් පිරිසක් එහි වහලයක් මත සිට යළිත් විරෝධතාවයක් අරඹා ඇත.

තමන්ට නියම කර ඇති මරණීය දණ්ඬනය, ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ලෙස අඩු කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවේ.

ඊයේ පස්වරුවේ මෙම විරෝධතාවය අවසන් කෙරුණද රාත්‍රියේ එය නැවතත් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

මේ අතර, වැලිකඩ සහ මහර බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනයද තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

ඔවුන්ගේ ඉල්ලා සිටින්නේ පොදු සමාව ලබාදීමේදී සැමට සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසයි.